නොපෙනෙන දිග අත්

 

තව කෙනෙක්ව අතගාන

බදාගන්න

මිරිකන

අවයව තමයි

අපේ අත්.

 

ඒකම කරන

නොපෙනෙන දෑත්

තමයි අපේ වචන.

 

කොච්චර ඈතක උනත් ඉන්න

ආදරේ කෙනෙක්ව පිරිමදින්න

වැළඳගන්න

නලවන්න

සමත් අවයවේ

තමයි වචන.

 

Leave a reply:

Your email address will not be published.

Site Footer