ඔන්න, තරුණ යුවලක් කන්දක් නගිනවා. නගින ගමන් තරුණිය සැමියාගෙන් අහනවා, ‘ඇයි අපි මෙච්චර මහන්සි වෙමින් මේකේ නගින්නේ?’ කියා. ‘කන්ද මුදුනෙදි ඔයාට තෑග්ගක් දෙන්න යි. මහා උසකුත් නෙවෙයි නේ.’ ‘හරි, නගිමු, නගිමු. මට තෑගි ඕන නැහැ. ඔයත් එක්ක මේ කන්ද නගින එකත් සැපක්. මම නිකමට ඇහුවේ.’ කඳු මුදුන ආසන්නයේදී සැමියා ඇයට කියනවා, ‘ඇස් වහ ගන්න. මම අතින් අල්ලං යන්නම් ඉතුරු පියවර ටික. මම කිව්වම විතරක් ඇස් අරින්න.’ පරෙස්සමෙන් ඇයව කන්දේ මුදුනට ම අතින් අල්ලං ගිහිං ඔහු ඇයට කියනවා, ‘දැන් ඇස් ඇරලා …
Category: Sinhala
අපි බොහෝ දෙනෙක් පතන තත්වයක් මානසික සුවය. එය ජිවිතයේ වැදගත් ම ඉලක්කයක් බව බහුතරයක් කියන්නත් ඉඩ තිබෙනවා. මානසික සුවය කියලා කියන්නේ මොකක් ද කියා ඇසුවොත් වැඩි දෙනෙක් කියාවි මානසික සුවය කියන්නේ සතුටින් ඉන්න එකට කියලා. දැන් පොඩ්ඩක් හිතමු තමන්ගේ වටිනම ඉලක්කය සතුටින් සිටීම කියා පවසන අය ගැන. ඒ අයගෙන් ඇසුවොත් සතුට ඇති කරගන්න හෝ වැඩි කරගන්න අරමුණෙන් තමා මොනවා ද කරන්නේ කියලා, මොනවා කියයි ද? ටික දෙනෙක් විතරක් වෙන්න පුළුවන් අසවල් දේ කරනවා කියලා උත්තර දෙන්නේ. මගේ ලොකුම උවමනාව …
ගුරුවරයෙක් ලෙස නම් නොවෙයි සැලී හුලගල්ල තමාව දුටුවේ. එහෙත් ඇය අපට ඉගැන්වූ වටිනා පාඩම් බොහෝ යි. ගුරුවරු මහත් උත්සහයෙන් උගන්වන දේවල් වලට වඩා අගනා පාඩම් ඔවුහු අපට ලබාදෙන්නේ තම පැවැත්ම හරහා, නොදැනී ම පෙන්වා දෙන දෑ තුලින් ය. එසේ නම් අප කවුරුත් ගුරුවරු. කවුරුත් සිසුහු. වචන වලින් නොව පැවැත්ම තුලින් සැලී හුළුගල්ල අපට දකින්නට සැලැස්වූ සමහර පාඩම් අමිල ය. ඉන් තුන හතරක් මගේ වචන වලට හරවන්න උත්සාහයක් මේ: විඳින්නට සිදුවන ප්රහාර හෝ අවමාන කෙතරම් බිහිසුණු වුවත් තමා ඇළුම් කරන සත් …







