මානසික සුවය

 

අපි බොහෝ දෙනෙක් පතන තත්වයක් මානසික සුවය. එය ජිවිතයේ වැදගත් ම ඉලක්කයක් බව බහුතරයක් කියන්නත් ඉඩ තිබෙනවා. මානසික සුවය කියලා කියන්නේ මොකක් ද කියා ඇසුවොත් වැඩි දෙනෙක් කියාවි මානසික සුවය කියන්නේ සතුටින් ඉන්න එකට කියලා.

දැන් පොඩ්ඩක් හිතමු තමන්ගේ වටිනම ඉලක්කය සතුටින් සිටීම කියා පවසන අය ගැන. ඒ අයගෙන් ඇසුවොත් සතුට ඇති කරගන්න හෝ වැඩි කරගන්න අරමුණෙන් තමා මොනවා ද කරන්නේ කියලා, මොනවා කියයි ද? ටික දෙනෙක් විතරක් වෙන්න පුළුවන් අසවල් දේ කරනවා කියලා උත්තර දෙන්නේ. මගේ ලොකුම උවමනාව මේක කියන අයත් ඒ උදෙසා සුවිශේෂ කිසි දෙයක් නො කරනවා වෙන්න පුළුවන්. එසේ නම්, අයි ඒ?

සතුට වැඩි කරගන්න ඕන කියලා හිතන අයටත් දැනෙන්න ඉඩ තියනවා එදිනෙදා වැඩ කටයුතු එක්ක මේ සඳහා යොදන්න කාලයක් නැහැ නේ කියලා. ඒ සඳහා කරන්න ඕනේ මොකද්ද කියලා හිතා ගන්න බැරි නිසා නො කරනවා වෙන්නත් පුළුවන්. එසේ නැත්නම් පවුලේ හෝ සමාජයේ සමහර අය නිසා හොඳින් ඉන්න බැරි නිසා නිකම්ම ඉන්නවා කියලා. මේ video සාකච්චාවේ මානසික සුවයේ එක කුඩා පැත්තක් පිළිබඳව  කතා වෙනවා.

Leave a reply:

Your email address will not be published.

Site Footer