‘ප්‍රේමය’ යන අරුතින් ගත් කල, ආදරය කියන දෙය බොලඳ, බාල දෙයක් ලෙස සැලකීම සමාජයේ පවතින එක් ප්‍රවණතාවක්. බහුතරයක් එය දකින්නේ පුස් දෙයක් ලෙස වෙන්නත් පුළුවන් – විශේෂයෙන් වයස 35 විතර පැන්නට පස්සේ. වයස 25 ට අඩු බොහෝ අය එය දකින්නේ මීට වෙනස්ව වගෙයි පෙනෙන්නේ. ප්‍රේමය තදින් ම විඳින සහ විඳෙන වකවානු වලදී එයට එහා සුව වෙන දෙයක් නැති තරම්. වයස වැඩි වෙත්ම මේ අත්දැකීම් අඩු විය යුතු ම නැහැ. ප්‍රේම සබඳතා අතරින් සැලකිය යුතු කොටසක ලක්ෂණයක් තමයි, එක් කෙනෙක් තව …





